පළාත් 08ක ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටුවයි

ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ (eRL 2.0) පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් සැප්තැම්බර් මස 25 වන දින සිට 28 වැනි දින දක්වා පළාත් 08ක ඉලෙක්ට්‍රොනික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ (eRL 2.0) සේවාව තාවකාලිකව අත්හිටුවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඊයේ (23) නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින්, ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇති බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, 2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් 28 වන සඳුදා දින දක්වා කාලය තුළ පහත සඳහන් පළාත් 8 හි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවීම සිදුවේ.

  • මධ්‍යම පළාත
  • උතුරු මැද පළාත
  • වයඹ පළා
  • දකුණු පළාත
  • නැගෙනහිර පළාත
  • උතුරු පළාත
  • සබරගමුව පළාත
  • ඌව පළාත

අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව, 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සක්‍රීය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website