ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මහනුවර දිස්ත්රික්කයේ පස්බාගේ කෝරළේ සහ නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව, කොත්මලේ උතුර සහ නැගෙනහිර සහ නෝර්වුඩ් යන ප්රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත ‘ඉවත් වීමේ’ (රතු – අදියර 03) නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයක් අද (24) දින නිකුත් කර ඇත.
මීට අමතරව පහත සඳහන් දිස්ත්රික්කවල ප්ර.ලේ. කොට්ඨාශ වෙත අදියර 02 (අවධානය – ඇම්බර්) නිවේදන නිකුත් කර ඇත.
- ගාල්ල දිස්ත්රික්කය – නියාගම, නෙළුව, තවලම, නාගොඩ.
- මහනුවර දිස්ත්රික්කය – උඩ පළාත, ගඟ ඉහළ කෝරළය.
- කෑගල්ල දිස්ත්රික්කය – දෙහිඕවිට, අරණායක, දැරණියගල, මාවනැල්ල සහ යටියන්තොට.
- මාතර දිස්ත්රික්කය – කොටපොළ, පස්ගොඩ සහ පිටබැද්දර.
- නුවරඑළිය දිස්ත්රික්කය – තලවාකැලේ.
- රත්නපුර දිස්ත්රික්කය – රත්නපුර
කොළඹ, ගම්පහ, ගාල්ල, හම්බන්තොට,කලුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රා.ලේ. කොට්ඨාශ කිහිපයක් වෙත අදියර 01 – විමසිලිමත් (කහ) නායයෑම් සම්බන්ධ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන ද නිකුත් කර ඇත.













