2026.01.23 වන දින කොටුව පොලිස් වසමේ ගාලු මුවදොර පිිටියේදී වයස අවුරුදු 13 ක දැරියක් අපහරණය කර බරපතල ලිංගික අපයෝජනය කිරීමක් සම්බන්ධයෙන් කොටුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරමින් පවතී.
සැකකරුගේ සිත්තම් කරන ලද ඡායාරූපයක් මේ සමඟ ඔබ වෙත යොමු කරන අතර, මොහු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දුරකතන අංක –
- ස්ථානාධිපති, පොලිස් ස්ථානය කොටුව – 071 – 8591560
- පොලිස් ස්ථානය, කොටුව – 011 – 2432635














