ගැටබරු මහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර: රථවාහන ගමනාගමනය සීමා කිරීම ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක්

කොස්මෝදර පොලිස් වසමේ ගැටබරු විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර 2026.09.25 සහ 26 දිනයන්හි සවස 04.00 සිට පසුදින අළුයම 03.00 දක්වා අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ විථි සංචාරය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව පෙරහර ගමන් ගන්නා ඉහත කාලසීමාව තුල අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගය ගල්දොල හන්දියේ සිට මොරවක්කොරලය දක්වා රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරනු ලබන අතර එම මාර්ගය භාවිතා කරන රියැදුරන් පහත විකල්ප මාර්ග භාවිතා කරන මෙන් පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

විකල්ප මාර්ග –

• දෙනියාය දෙස සිට අකුරැස්ස හරහා මාතර දෙසට ධාවනය කරනු ලබන බර වාහන දෙනියාය 51 හන්දියෙන් රක්වාන මාර්ගයේ කිලෝමිටර් 2.5ක් පමණ ගමන් කර හැන්ෆර්ඩ් හන්දියෙන් දකුණට ඇති තලපලාකන්ද මාර්ගය ඔස්සේ බෙරලපනාතර හන්දියට පැමිණ ඌරුබොක්ක කොටපොල මාර්ගයේ කොටපොල දෙසට ගමන් කර කිරිලිපන හන්දියෙන් වමට හැරී මොලොක්ගමුව හන්දියට පැමිණ දකුණට හැරී ගල්දොල මාර්ගයේ ගල්දොල හන්දියට පැමිණ අකුරැස්ස හරහා මාතර දෙසට ගමන් කල හැක.

(මාතර දෙස සිට අකුරැස්ස හරහා දෙනියාය දෙසට ගමන් කරනු ලබන බර වාහන සඳහා ද ඉහත කී මාර්ගයම භාවිතා කිරීමට හැකියාව ඇත.)

• දෙනියාය දෙස සිට අකුරැස්ස හරහා මාතර දෙසට ධාවනය කරනු ලබන සැහැල්ලු වාහන කොස්මෝදර පොලිස් වසමේ T.R.I හන්දියෙන් වමට හරවා බෝදෙනිය මාර්ගය ඔස්සේ කොටපොල ඌරුබොක්ක මාර්ගය වෙත පැමිණ බෝදෙනිය හන්දියෙන් වමට හරවා පොලිස් ස්ථානය ඉදිරිපිටින් ඇති වේවැල්වල මාර්ගය ඔස්සේ 07 කණුව හන්දියට පැමිණ දකුණට හරවා ගල්දොල බෙන්ගමුව මාර්ගයේ ගල්දොල හන්දියට පැමිණ වමට හරවා අකුරැස්ස දෙසට ගමන් කල හැක.

• අකුරැස්ස දෙස සිට දෙනියාය දෙසට ධාවනය කරන සැහැල්ලු වාහන ගල්දොල හන්දියෙන් දකුණට හරවා ගල්දොල බෙන්ගමුව මාර්ගයේ ගමන් කර ආනන්ද හිමි මාවත (කලුකඳ මාර්ගය) ඔස්සේ ගමන් කර කලුකඳ හන්දියට පැමිණ කොටපොල ඌරුබොක්ක මාර්ගය ඔස්සේ ඌරුබොක්ක දෙසට ගමන් කර බෝදෙනිය හන්දියෙන් වමට හරවා බෝදෙනිය මාර්ගය ඔස්සේ T.R.I හන්දිය වෙත පැමිණ දකුණට හරවා දෙනියාය දෙසට ගමන් කල හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website