කුරුස පල්ලිය ආසන්නයේ හලාවත මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදහන්

මාරවිල පොලිස් වසමේ කුරුස පල්ලිය ආසන්නයේ හලාවත මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බවට ඊයේ (12) සවස් කාලයේ මාරවිල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 21 ක් වූ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අතුරුදන් වූ පුද්ගලයා මිතුරන් පිරිසක් සමඟ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට ලක් ව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශයේදී අනාවරණය වී ඇත.

පොලිසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතු වල නිරතව සිටී. මාරවිල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරගෙන යනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website