ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන ජන රැලි මාලාව අද (06) දින සිට ආරම්භ වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
“අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි” තේමාව මුල් කරගනිමින් මෙය පැවැත්වීමට නියමිතව ඇති අතර මෙම ජන රැලි මාලාවේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද පස්වරුවේ ආරම්භ වීමට නියමිතය.
බේරුවල සහ බුලත්සිංහල යන නගරවල මෙම ජනරැලි පැවැත්වීමට නියමිත අතර ඒ අනුව අද පස්වරු 2.00ට බුලත්සිංහලදී පළමු රැලිය ද පස්වරු 3.30ට බේරුවල රැලිය ආරම්භ වීමටද නියමිතව ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි.














