ශ්‍රී ලංකා පොලිසිය සර්වආගමික ආශිර්වාද මධ්‍යයේ 160 වන අභිමානවත් සංවත්සර දිනය අරඹයි

ශ්‍රී ලංකා පොලිසියේ 160 වැනි සංවත්සරය අද (03) දිනට යෙදී තිබේ.

ශ්‍රී ලංකා පොලිසියේ ඉදිරි අනාගතය වෙනුවෙන් මෙන්ම සෑම පොලිස් නිලධරයෙකු වෙනුවෙන්ම ආශිර්වාද පතා පොලිස් සංවත්සර දිනය අරඹමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (03) දින උදෑසන සර්වආගමික වතාවත්වල නිරත විය.

පළමුව කොම්පඤ්ඤවීදිය ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් බෞද්ධ ආගමික වතාවත් වල නිරත වූ පොලිස්පතිවරයා සහ පරිපාලනය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිස අනතුරුව බම්බලපිටිය කදිරේෂන් කෝවිල, කුරුදුවත්ත පොලිස් වසමේ දවටගහවත්ත මුස්ලිම් පල්ලිය, කොම්පඤ්ඤවීදිය ඉන්ඨාන්ට් ජේසුස් (ජේසු බිළිදාගේ පල්ලිය) කතෝලික දේවස්ථානයේදී සර්වආගමික වතාවත්වල නිරතවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website