දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් විභාගය අද

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති පෙත්සම් 14ක් අද (3) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න, මහින්ද සමයවර්ධන සහ සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් මෙම විනිසුරු මඬුල්ල සමන්විත වේ.

හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් පාර්ශ්වකරුවන් විසින් මෙම පෙත්සම් ගොනුකර ඇත.

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් විධිවිධාන ජනතාවගේ ස්වෛරීභාවය ඇතුළුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව සහ මහජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සීමා කරන බව ද එබැවින් පනත් කෙටුම්පත සම්මත කිරීමට නම්, එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් මෙන්ම ජනමත විචාරණයකදී අනුමැතිය ලබා ගත යුතු බවට නියෝග කරන ලෙස පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website