අගෝස්තු 23 වන දින සිට අතුරුදහන් වී ඇති බවට වාර්තා වූ බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයාගේ මළ සිරුර ඊයේ (24) මහියංගනය, මාපාකඩවැව අසල ගලක් මත තිබී සොයා ගත් බව පොලිසිය පැවසුවේය.
අතුරුදන් වූ වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ගමන් කරන ආකාරය මීගහකිවුල ප්‍රදේශයේ CCTV කැමරාවල සටහන් වී ඇති බව පරීක්ෂණවලින් හෙළි වූ අතර එදින රාත්‍රියේ මාපාකඩවැව ප්‍රදේශයේ බදුල්ල-මහියංගනය ඇළ මාර්ගයේ 17 වන සැතපුම් කණුව අසල අතහැර දමා ගොස් තිබියදී මෝටර් රථය සොයා ගත් ගත් බව පොලිසිය පැවසීය.
මොටර් රථය සොයා ගැනීමෙන් පසු, අතුරුදහන් වූ වෛද්‍යවරයා සොයා ගැනීම සඳහා පොලිසිය සහ යුද හමුදාව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ඊයේ (24) ආරම්භ කළේය.















