බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු අතුරුදන් – මෝටර් රථය සොයා ගැනේ

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍යවරයෙකු අතුරුදන් වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.                                      

වෛද්‍යවරයා ඊයේ (23) රාජකාරියේ යෙදී සිටිය ද එතැන් සිට අතුරුදහන් වී ඇති බව පවසන පොලිසිය ඔහුගේ මෝටර් රථය ඊයේ රාත්‍රියේ බදුල්ල-මහියංගනය ඇළ මාර්ගයේ 17 වන සැතපුම් කණුව අසල මාපාකඩ වැව ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබිය දී සොයා ගන්නා ලද බව ද පැවසුවේය.

අතුරුදහන් වූ වෛද්‍යවරයා සොයා ගැනීම සඳහා පොලිසිය සහ යුද හමුදාව සම්බන්ධ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් අද (24) දියත් කිරීමට නියමිත බව ද පොලිසිය පැවසීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website