සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ විදෙස් ජාතිකයන් 1093 දෙනෙකු මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේය.
මෙම සියලු විදෙස් ජාතිකයන් පිටුවහල් කිරීමට අවශ්‍ය පියවරගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (13) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව හෙළි කළේය.
දිවයින පුරා සිදු කළ වැටලීම් 24කින් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.












