
විදෙස්ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හදුනාගෙන තිබෙන “රත්ගම විදුර” නම් සැකකරු සම්බන්ධව විමර්ශන සිදුකරන පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය, එම සැකකරු විසින් හා ඔහුගේ සමීපතම ඥාතියෙකු වන මෙරට තවත් අපරාධ සිදුකළ සැකකරුවෙකු විසින් රත්ගම ප්‍රදේශය කේන්ද්‍රකරගනිමින් වත්කම් හා දේපල මිලදීගෙන ඇති බව අනාවරණය කරගන්නා ලදී.
එම සැකකරුවන් දෙදෙනාගේ අපරාධ වාර්තා සම්බන්ධව විමර්ශනය කිරීමේදී පහත දේපළ හා වත්කම් නීති විරෝධී ලෙස රැස්කළ වත්කම් හා දේපළ බවට කරුණු අනාවරණය වී ඇති අතර පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් එම දේපළ මුදල් විශුද්ධිකණය වැලැක්වීමේ පනත ප්‍රකාරව 2026.07.23 වන දින සිට දින 07ක් විකිණීම, පැවරීම හෝ වෙනයම් ක්‍රියාදමක් සිදුකිරීම වළක්වමින් ක්‍රියාවිරහිත කිරීමට කටයුතු කර ඇත.
වත්කම් හා දේපළ –
- රත්ගම දෙවනිගොඩ ප්‍රදේශයේ පර්චස් 13.72 ක ඉඩමක් සමඟ තෙමහල් ගොඩනැගිල්ලක්
- රත්ගම දෙවෙනිගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 9.10ක ඉඩමක් හා අඩක් නිමකරන ලද තෙමහල් ගොඩනැගිල්ලක්
- රත්ගම දෙවෙනිගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 12.33 ක ඉඩමක්
- රත්ගම දෙවෙනිගොඩ ප්‍රදේශයේ පිහිටි පර්චස් 9.88 ක ඉඩමක් හා තනි මහල් නිවසක්
- රත්ගම බෝපගොඩ ප්‍රදේශයේපිහිටි පර්චස් 73.65 ක ඉඩමක් හා එහි ඉදිකරමින් පවතින් පිහිනුම් තටාකයක් සහිත දෙමහල් ගොඩනැගිල්ලක් (සංචාරක හෝටලයක්)
මුළු වටිනාකම රුපියල් ලක්ෂ 1500 ක් පමණ වන මෙම දේපළ මුදල් විශුද්ධිකණය වැලැක්වීමේ පනත ප්‍රකාරව තවදුරටත් ක්‍රියා විරහිත කිරීමේ නියමය බලාත්මක කර දීර්ඝකරගැනීම සඳහා කටයුතු කරමින් පවතී.
මෙලෙස නීති විරෝදී ක්‍රම උපායන් මගින් දේපළ හා වත්කම් රැස්කරගත් බවට තොරතුරු ලැබුනු සැකකරුවන් සම්බන්ධව පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තවදුරටත් විමර්ශන පවත්වන අතර මෙවැනි නීති විරෝධී උපයාගැනීම් සම්බන්ධව තොරතුරු තිබේ නම් පොලිස් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත නොපමාව ලබාදෙන මෙන් දැනුම්දෙන්නෙමු.















