2026.07.22 වන දින වත්තේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මඩවල ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිටි පුද්ගලයින් 08 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු පරීක්ෂා කර ඔවුන් සන්තකයේ තිබූ උපයාගත් ආකාරය සම්බන්ධව අනාවරණය නොවූ රත්‍රං කිලෝ 03 ග්‍රෑම් 790 ක් සහ රුපියල් එක් කෝටි හැට නව ලක්ෂයක මුදලක් ( 16,900,000/=) පොලිස් නිලධාරීන් බාරයට ගෙන ඇත.
සැකකරුවන් හා සැකකාරියන් වයස අවුරුදු 42 ත් 58 වයස්වල පසුවන වලපනේ, නාවලපිටිය, වැල්ලවත්ත, කොටහේන සහ මෝදර ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීමේදී සැකකරුවන් සන්තකයේ තිබූ රත්‍රං ගල ගා පරීක්ෂා කිරීමට යොදාගන්නා ගලක්, ඇසිඩ් ලීටර් 01 ක් සහ ග්‍රයින්ඩර් 02 ක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් අද දින පන්විල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.07.30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
මෙම රත්‍රං සහ මුදල් සැකකරුවන්ට ලැබුණු ආකාරය සම්බන්ධයෙන් වත්තේගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.













