පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙක් අම්පාර රෝහලට ඇතුළත් කරයි

උහන පොලිස් වසමේ ලාතුගල ප්‍රදේශයේදී පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙක් අම්පාර රෝහලට ඇතුලත් කිරීමේදී ඉන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවට 2026.07.22 දින රාත්‍රී උහන පොලිස් ස්ථානයට ලද පැමිනිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 36ක් වන ලාතුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලැබූ පුද්ගලයා වයස අවුරුදු 66ක් වන මරණකරුගේ පියා වෙයි.

මරණකරු තවත් පුද්ගලයකු සමඟ මත්පැන් පානය කරමින් සිටියදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ ආරවුලක් නිසා මෙම අපරාධය සිදුකර ඇති බවට පොලිසිය සිදුකල මූලික විමර්ශනයේ අනාවරණය වී ඇත.

අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ ප්‍රකාශ මත ඝාතනය සඳහා යොදා ගත් බවට සැක කරන පිහියක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇත.

සැකකරු 2026.07.24 වන දින අම්පාර ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website