වයස අවුරුදු 13 සහ 14 වයසේ පසුවන ළමුන් දෙදෙනෙකු ඊයේ (22) දින සවස පන්විල නකල්ස්වත්ත ප්‍රදේශයේ තිබෙන දිය ඇල්ලක් අසල පිහිටි ගලක් මතින් වැටී බරපතළ තුවාල ලබා ජීවිතක්ෂයට ඇත.
මියගිය දරුවන් දෙදෙනා තවත් පිරිමි දරුවන් සිව්දෙනෙකු සමඟ පාසල නිම වී නිවෙස්වලට පැමිණ දිය ඇල්ල ආසන්නයේ දිය නෑමට ගොස් ඇති අතර එම අවස්ථාවේ ජංගම දුරකථනයෙන් ඡායාරූප ගැනීමට යාමේදී මෙලෙස අනතුරට පත්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
එක් සිසුවෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වී ඇති බවත් තවත් සිසුවෙකු රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇති බවත් වාර්තා වේ.
ළමුන් දෙදෙනා එම ප්‍රදේශයේම පදිංචි, ආසන්න පාසලක 09 වසරේ සහ 08 වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් වේ.
පන්විල පොලිස් ස්ථානය සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කරයි.







