බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී අළුත්ගම සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට ඊයේ (19) දින සවස බම්බලපිටිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 34 ක් වූ පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර බම්බලපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website