හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සිය සේවා ගිනි අවියෙන් වෙඩි තබා ගෙන සියදිවි නසා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසුවේය.
තලාහේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී ඔහු අද (17) දින මේ ආකාරයෙන් සියදිවි නසා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
මිය යන විට ඔහු 63 වැනි වියේ පසුවිය.
වික්‍රමරත්න මහතාගේ දේහය මුල්ලේරියාව රෝහලේ තැන්පත් කර ඇත.
සී.ඩී. වික්‍රමරත්න මහතා 2019 අප්‍රේල් 28 වන දින සිට වසරකට වැඩි කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස සේවය කළ අතර 2020 නොවැම්බර් 28 වන දින පොලිස්පතිවරයා ලෙස පත් කරන ලදී.
සී.ඩී. වික්‍රමරත්න මහතා 2023 නොවැම්බර් 27 වන දින පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගියේය.















