බලපිටිය අමරසීහරාම විහාරස්ථානයේ 35 වන වාර්ෂික මිහිඳු මහා පෙරහැර මංගල්‍යය හේතුවෙන් අද (10) දින පස්වරු 1430 සිට රාත්‍රී 21.00 දක්වාත්, හෙට දින (11) රාත්‍රී 2130 සිට පසුදින අලුයම 0500 දක්වාත් කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ බලපිටිය රේවත හන්දියේ සිට බලපිටිය සුභද්‍රාරාම විහාරස්ථානය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තැබේ.
මෙම හේතුව මත කොළඹ දෙස සිට ගාල්ල දෙසට යන වාහන සදහා හා ගාල්ල දෙස සිට කොළඹ දෙසට ගමන් කරන වාහන සදහා පහත සඳහන් විකල්ප මාර්ග භාවිතා කල හැක.
කොළඹ දෙස සිට ගාල්ල දෙසට ධාවනය වන වාහන සදහා විකල්ප මාර්ග
අහුන්ගල්ල හන්දියෙන් ඌරගස්මන්හන්දිය මාර්ගයේ ලැලි හේත්තුව හරහා ඌරගස්මන්හන්දිය සිට අම්බලන්ගොඩ ඌරගහ මාර්ගය හරහා අම්බලන්ගොඩ හරහා ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැක.
ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වන වාහන සදහා විකල්ප මාර්ග
අම්බලන්ගොඩ ඇල්පිටිය හන්දියෙන් (ධර්මාශෝක හංදිය) අම්බලන්ගොඩ ඇල්පිටිය මාර්ගයේ මහා ඒදණ්ඩ දක්වා ගමන් කර මහ ඒ දණ්ඩ හංදියෙන් වමට ඇති ඌරගස්මංහන්දිය මාර්ගයේ ඌරගස්මංහන්දිය දක්වා ගමන් කර ඌරගස්මංන්දිය නගරයෙන් වම් පසට ඇති කොස් ගොඩ ඌරගස්මංහන්දය මාර්ගයේ පැමිණ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයට පිවිසිය හැක.















