කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ඩී.පී. වික්‍රමසිංහ මහතා  පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී පසුගියදා  (ජූලි 08) රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබාදී ඇත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ මෙම කාරක සභාවට අමාත්‍යවරුන් වන බිමල් රත්නායක  සහ ආචාර්ය උපාලි පන්නිලගේ මෙන්ම  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය නිහාල් අබේසිංහ, රිසාඩ් බදියුදීන්, කේ. කාදර් මස්තාන්, කුමාර ජයකොඩි, කදිරවේලු ෂන්මුගම් කුගදාසන්  සහ නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල යන මහත්ම මහත්මීහු  සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website