2026.06.26 දින අළුයම මැලේසියාවේ සිට මෙරටට පිටුවහල් කරන ලද සංවිධානාත්මක අපරාධකරුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල පරිශ්‍රයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.
සැකකරු අවුරුදු 41 ක් වන කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
2022.07.27 දින ගම්පහ අධිකරණය ඉදිරිපිටදී සංවිධානාත්මක අපරාධකරුන් තිදෙනෙකුට (පස්පොඩ්ඩා ඇතුළු) වෙඩි තබා ඝාතනය කිරීම හා තවත් පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ අපරාධය සම්බන්ධයෙන් මෙම සැකකරුට ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් රතු නිවේදන ලබාගෙන තිබිණි. මෙම සැකකරු දැනට රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන සමීපතමයෙකු බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරුට පැය 72 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.














