ගෝලීය ඉන්ධන මිල පහත වැටුණ ද ශ්‍රී ලංකාව තවමත් ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොග භාවිතා කරන බැවින් දේශීය ඉන්ධන මිල අඩු කිරීමට රජයට දැනට නොහැකි බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
රටේ ආර්ථික තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ආචාර්ය ප්‍රනාන්දු මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ දැනට පරිභෝජනය කරන ඉන්ධන මාස කිහිපයකට පෙර සැලකිය යුතු ලෙස ඉහළ මිලකට ආනයනය කර ඇති බවත්, එම ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන තොග පවතින තාක් කල් දේශීය ඉන්ධන මිල අඩු කිරීමට නොහැකි බවයි.
“පවතින තොග අවසන් වී අඩු මිලට ඉන්ධන ආනයනය පැමිණීමට පටන් ගත් පසු ඉන්ධන මිල සමාලෝචනය කිරීමට හැකියි’ ඔහු වැඩි දුරටත් පැවසුවේය.















