වත්මන් රජය මාධ්‍ය ක්ෂේත්රය වෘත්තීයකරණයට ලක් කරන්නයැයි කියමින් ගෙන ආ නව පනත් කෙටුම්පත් තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයත් මාධ්‍යවේදීන් වෙතත් රාජ්‍ය මර්ධනය සෘජුව යෙදවීමට කටයුතු කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේ දී රජයට චෝදනා කළේය.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී දීර්ඝ පැහැදිලි කිරීමක් කළ විපක්ෂ නායකවරයා ඇවිදින පුස්තකාල යැයි පුරසාරම් කියමින් මේ රජය කටයුතු කළත් අද වන විට ආසියානු රග්බි තරගාවලියට යන ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ට අවශ්‍ය වීසා ලබා දීමට පවා නොහැකි වී ඇතැයි චෝදනා කළේය.
සරල වීසා ටිකවත් ලබා දිය නොහැකි වූ වත්මන් රජය රටේ දුප්පත්කම තුරන් කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බව ද විපක්ෂ නායකවරයා මෙහි දී පැවසුවේය.















