රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඊයේ (19) දින කළුතර දකුණ පොලිස් වසමේදී කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරින් හා ඒකාබද්ධව මගී ප්‍රවාහන බස් රථවල රියැදුරන් හා කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
එහිදී විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර මගී ප්‍රවාහන බස් රථවල සේවයේ යෙදි සිටි රියැදුරන් 08 දෙනෙකු හා කොන්දොස්තරවරයෙකු අත්අඩංගුවට ගෙන කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුවන් වයස අවුරුදු 35 ත් 57 අතර වයස්වල පසුවන පයාගල,යටියන, දොඩම්ගොඩ,තෙබුවන,මීගහතැන්න සහ කළුතර දකුණ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
කළුතර දකුණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.















