2026 වසරේ මැයි මස 18 දින වන විට මෙරටින් ඩෙංගු මරණ 15ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය පැවසුවාය.
අදාළ කාලය තුළ ඩෙංගු රෝගීන් 29,589ක් වර්තා වී ඇති අතර අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 39ක් හඳුනා ගෙන ඇති බව ද ඇය පැවසුවාය.
දිවයින පුරාම ඩෙංගු රෝගීන් වාර්තා වන බව කී ඇය බස්නාහිර පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් පිරිසක් වාර්තා වන බව ද හෙළි කළාය. දකුණු පළාත සහ සබරගමුව පළාත ද අවදානම් පළාත් වශයෙන් නම් කළ ඇය ගම්පහ, රත්නපුර, මාතර, ගාල්ල, කළුතර නුවර දිස්ත්‍රික්ක වලින් ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන බව ද සඳහන් කළාය.
පාසල්, රජයේ ආයතන, වැඩබිම් සහ ආගමික ස්ථානවල ඩෙංගු රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බව කීට විද්‍යා සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බවත් මෙම පරිශ්‍ර පිරිසිදු කිරීම තුළින් ඩෙංගු මර්දනයට වැඩි අවස්ථාවක් ලැබෙන බවත් ඇය වැඩි දුරටත් සඳහන් කළාය.
















