පාසල් ළමුන් ප්‍රවාහනය කළ පුද්ගලික බස් රථයක් සහ ලංගම බසයක් ගැටී අනතුරක්

අද (13) දින උදෑසන වර්ෂාව මධ්‍යයේ කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ පාසැල් ළමුන් ප්‍රවාහන කරමින් ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා ලංගම බස් රථයක් දික්වැල්ල,පොල්ගහමුල්ල “මියාමී” ඇඟලුම් කර්මාන්ත ශාලාව අසලදී එකිනෙකට ගැටීමෙන් ළමුන් තිදෙනෙකු හා පාසල් බස් රථයේ රියදුරු සුළු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පාසැල් ළමුන් ප්‍රවාහක බස් රථය අම්බලන්තොට දෙස සිටත්, ලංගම බස් රථය කතරගම දෙසටත් ධාවනය වෙමින් තිබී ඇත. දික්වැල්ල පොලිස් ස්ථානය මගින් අනතුර සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website