භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා හෙට (30)_දිනයේදී රාජ්‍ය මුදල් කාරක සභාව (CoPF) හමුවේ පෙනී නොසිටින බව එම කමිටුවට දැනුම් දී ඇතැයි CoPF සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා X හි සටහනක් තබමින් පැවසීය.
ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අලාභයක් සිදු වූ බව කියන සයිබර් සොරකමක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබා දීම සඳහා රාජ්‍ය මුදල් කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණි.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් රාජ්‍ය මූල්‍ය කටයුතු පිළිබඳ පූර්ණ පාලනය පාර්ලිමේන්තුවට පවරා ඇති අතර, ස්ථාවර නියෝගයක් මඟින් CoPF ණය ආපසු ගෙවීම පිළිබඳ අධීක්ෂණය සඳහා සෘජුවම වගකිව යුතු බැවින්, භාණ්ඩාගාර ලේකම්වරයාගේ තීරණය පිළිගත නොහැකි බව CoPF සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් සිය facebook පිටුවේ සටහනක් තබමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ ක්‍රියා කලාපය දැඩිව විවේචනය කළේය,
“මුදල් ලේකම්තුමා මුදල් කමිටුව මඟහරිනවා. ලැජ්ජයි. ඩොලර් මිලියන 2.5ක් කියන්නේ සුළු මුදලක් නෙවෙයි. මේ මුදල් රටට ආපසු ගෙවන්නේ කොහොමද කියලා මුදල් ලේකම්තුමා කරුණාකරලා කියන්න ඕනේ. පැනලා පැනලා යන්න හදන්න එපා”














