පාර්ලිමේන්තුව මැයි 5 සිට 8 දක්වා රැස්වෙයි – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි

වියට්නාම ජනාධිපති අතිගරු ටෝ ලාම් මැතිතුමා ලබන මැයි 8 වැනිදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිත බවත් ඊට අදාළ වැඩසටහන ඇතුළු පාර්ලිමේන්තු කටයුතු ඊයේ (අප්‍රේල් 27) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.      

මේ අනුව පාර්ලිමේන්තුව මැයි 5 සිට 8 දක්වා රැස්වීමට නියමිතව තිබේ.     

2026 මැයි 5 වැනි අඟහරුවාදා පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා   කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ වූ නියමයන් හතරක් ( අංක 2471/52, 2471/53, 2471/54, 2471/55 දරන අති විශේෂ ගැසට් පත්‍ර) සහ නියෝගයක් ( අංක 2475/28 දරන ගැසට් පත්‍රය) විවාදයට ගැනීමට තීරණය වී ඇත.

ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ දී අසනු ලබන ප්‍රශ්න සඳහා කාලය වෙන්කර තිබේ.

2026 මැයි 6 වැනි බදාදා පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත.  පෙ.ව. 10.00 – පෙ.ව. 10.30 කාලය අග්‍රාමාත්‍යතුමියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති අතර පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇත. ඉන්පසු පෙ.ව.  11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ.  

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 5.30 දක්වා බේරා ගැනීම, පුනරුත්ථාපනය සහ වස්තුභංගත්ව (ආයතනික සහ පුද්ගලික) පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
 
2026 මැයි 7 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව. 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ. 

අනතුරුව පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා  ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත යටතේ නියෝග   (අංක 2471/68 දරන ගැසට් පත්‍රය) , (203 අධිකාරිය වූ) මෝටර් වාහන පනත යටතේ නියෝග (අංක 2470/14 දරන ගැසට් පත්‍රය) සහ (351 අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනත යටතේ නියෝග ( 2026.05.05 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත)  විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. 

ඉන්පසු ප.ව. 1.00 සිට ප.ව. 5.30 දක්වා මහජන ආරක්ෂක ආඥා පනත යටතේ යෝජනා සම්මතය සහ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයට ගැනීමට මෙහිදී තීරණය වී තිබේ. 

2026 මැයි 08 සිකුරාදා පෙ.ව. 11.05 ට පමණ වියට්නාම සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ කොමියුනිස්ට් පක්ෂයේ නායක අතිගරු ටෝ ලාම් මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත අතර අනතුරුව පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව ඇත. ඉන්පසු  ප.ව. 1.30 සිට ප.ව. 5.30 දක්වා පහත සඳහන් පෞද්ගලික මන්ත්‍රීවරයන්ගේ යෝජනා 07 ක් විවාදයට ගැනීමට තීරණය වී තිබේ.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නමපෞද්ගලික මන්ත්‍රී යෝජනාවේ මාතෘකාව
ගරු හේෂා විතානගේ මහතාජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරනු ලබන හෝ ජාතික මට්ටමේ වාර්තාවකට හිමිකම් කියනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා ක්ෂේත්‍රයට අදාළ ඕනෑම උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා අවකාශ සලසා දීම.
ගරු චමින්ද විජේසිරි මහතාවෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය පිළිබඳව පාසල් සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සකස් කිරීම.
ගරු රවී කරුණානායක මහතාසංක්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන ගැටළු විසඳීම සඳහා නීතිමය බලතල සහිත ඒකකයක් පිහිටුවීම.
ගරු ලාල් ප්‍රේමනාත් මහතාබිම් මට්ටමේ පවතින සියලුම පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඇති ජනතා අප්‍රසාදය වළක්වා ගැනීමට කටයුතු කිරීම.
ගරු රෝහණ බණ්ඩාර මහතාමහාචාර්ය, ආචාර්ය තනතුරු අවභාවිත කිරීම වළක්වා ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කිරීම.
ගරු නලින් බණ්ඩාර ජයමහ මහතාඛනිජ තෙල්, ඉන්ධන හා ජලය පිළිබඳ කර්මාන්ත ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් කිරීම.
ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතාෆයිනස් වගාවන් හේතුවෙන් ජල මූලාශ්‍ර වලට සහ පරිසරයට සිදුවන හානිය වැළැක්වීමට ක්‍රමවේදයක් සකස් කිරීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website