2026.04.08 වන දින නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අනර්ථය සිදුකර ඇති බවට පිටකොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
ඒ අනුව විමර්ශන නිලධාරින් විසින් 2026.04.11 වන දින එම අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සමඟ කැළණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 33 ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිදුව ඇති අනර්ථය සම්බන්දව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව ඇත. අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2026.04.17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.














