කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක නිවසක් තුළ 2026.03.23 වන දින චීන ජාතික කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි චීන ජාතික සැකකරු, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) දින අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනයේදී සැකකරු කොල්ලුපිටිය පොලිස් වසමේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි හෝටලයක රැදී සිටින බව අනාරවණය කරගැනීමට හැකිවී ඇති අතර ඒ අනුව නිලධාරීන් කණ්ඩායම එදින දහවල් අදාළ හෝටලය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කැමරා 03 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 මිලිග්‍රෑම් 280 ක් සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
වයස අවුරුදු 26 ක් වන මෙම සැකකරු 2026.04.06 දින නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර කොහුවල පොලිසිය මගින් වැඩිදුර විමර්ශන සිදුකරයි.















