නවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට

හොරණ පොලිස් වසමේ කඳන, අමුණුඇළපීල්ල ප්‍රදේශයේ කුඹුරක පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස් ඇති බවට ඊයේ (15) රාත්‍රී හොරණ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 68ක් වූ කඳන, හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු අනවසරෙන් අදින ලද විදුලි රැහැනක ගැටී මෙම අනතුර සිදුව ඇති බවට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

හොරණ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website