QR අනිසි ලෙස භාවිතා කරන්නන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස්

QR මත පදනම් වූ ඉන්ධන බෙදා හැරීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ දී දිවයින පුරා නීතිය හා සාමය පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා දිවයින පුරා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසුවේය.

දිවයින පුරා සෑම පොලිස් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි ජංගම මුර සංචාර සහ අතිරේක නිලධාරීන් යොදවා ඇති බවද  සහකාර පොලිස් අධිකාරී වූට්ලර් තව දුරටත් සඳහන් කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ QR පද්ධතිය අනිසි ලෙස භාවිතා කිරීමට, හැසිරවීමට හෝ ක්‍රියාත්මක කිරීම උල්ලංඝනය කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකුට එරෙහිව පොලිසිය නීතිමය පියවර ගන්නා බවයි.

මෙම කාලය තුළ ඉන්ධන අවශ්‍යතා ලබා ගැනීමේ දී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් පොලිසිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website