රුපියල් කෝටි 1000ක මත්ද්‍රව්‍ය සහ ආයුධ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට

දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී සොයා ගත් මත්ද්‍රව්‍ය සහ ආයුධ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දී ඇති අතර එහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අද (13)  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය.

බහුදින ධීවර යාත්‍රාව පසුගිය 11 වන දින දිවයිනේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් අතර ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක තොගයක් සොයා ගත් බව නාවික හමුදාව පැවසීය.

නාවික හමුදාවට අනුව, මත්ද්‍රව්‍ය අතර හෙරොයින් කිලෝග්‍රෑම් 176 ක් සහ අයිස් කිලෝග්‍රෑම් 478 ක් ඇතුළත් වූ අතර ඒවායේ වටිනාකම රුපියල් බිලියන 10ක් පමණ බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේය.

මත්ද්‍රව්‍ය සහ ආයුධ ප්‍රවාහනය කළ යාත්‍රාව ඊයේ උදෑසන දික්ඕවිට වරායට රැගෙන ආ අතර ප්‍රධාන යාත්‍රාවට සහාය වූ බවට විශ්වාස කෙරෙන තවත් යාත්‍රාවක් ද ගොඩබිමට ගෙන ආ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක බුද්ධික සම්පත් මහතා පැවසීය.

පළමු යාත්‍රාවේ ටී -56 ගිනි අවි දෙකක්, නවීකරණය කරන ලද එම් -16 ගිනි අවියක් සහ පිස්තෝල අටක් තිබූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website