අකුරේගොඩ ද්විත්ව ඝාතනය කළ වෙඩික්කරු අත්අඩංගුවට – සැකකරුවෙක් තායිලන්තයට පළා ගිහින්

අකුරේගොඩ ද්විත්ව ඝාතනයට සම්බන්ධ බව කියන වෙඩික්කරු අම්බලන්ගොඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ ඉලක්ක කරමින් ටී-56 වර්ගයේ ගිනි අවියෙන් වෙඩි තැබීම සිදු කර ඇත්තේ ද මෙම සැකකරු බවට මූලික විමර්ශනවලදී අනාවරණවී ඇති බව ද සැකකරු හමුදාවෙන් පළා ආ අයෙකු බව පොලිසිය පවසයි.

මේ අතර වෙඩික්කරුවකු පන්නිපිටියේ හෝටලකයට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව පවසන පොලිසිය කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම ඝාතනය මෙහෙය වූ බව කියන කරන්දෙණියේ සුද්දා නම් අපරාධකරුගේ සමීපතමෙයකු බව ද සඳහන් කරයි.

මෙම සැකකාර පුද්ගලයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට යෑම සඳහා කුලී පදනම මත ලබාගත් මෝටර් රථය අද (21) පස්වරුවේ  අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගත් බව පවසන පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් අඛණ්ඩව පරීක්ෂණ සිදුවන බව ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website