ලබන 21 පැවැත්වෙන රැලියට ප්‍රතිපත්තිමය හේතුවක් මත සමගි ජන බලවේගය සහභාගි වන්නේ නැති බව දූෂණ විරෝධි බලවේගයේ කැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් නිරෝෂන් පාදුක්ක මහතා මේ බව ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිරෝෂණ් පාදුක්ක මහතා මෙසේ ද පැවසුවේය. “ 21 පැවැත්වෙන රැලියට සමගි ජන බලවේගය සුබ පතනවා. ප්‍රතිපත්තිමය හේතුවක් මත සමගි ජන බලවේගය එම රැලියට සහභාගි වෙන්නේ නැහැ. සමගි ජන බලවේගයට එකතුවුණ දේශපාලන පක්ෂ කිහිපයක් තිබෙනවා. ඒ සමගි ජන සන්ධානයට අයත් වෙනස් පක්ෂ සමාජිකයන් එම රැලියට සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේම සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය සමඟ එකතු වී සිටින පක්ෂවලට අපි බලපෑම් කරන්නේ නැහැ. දකුණු කඳවුරේ අවසාන නවාතැන්පොළ වන්නේ සමගි ජන සන්ධානයයි. කෙසේ නමුත් මේ සියලුම දෙනා එකතු වෙන්නේ රට නැවත අගාධයට ඇදදමන පාලනයට විරුද්ධවයි. ආණ්ඩුව පන්නා දමන සියලුම සාකච්ඡා සඳහා සමගි ජන බලවේගයේ ආශිර්වාදය තිබෙනවා.














