දේශීය වෙළෙඳපොළේ ඉන්ධන හිඟය අවම කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බෙදා හැරීම වේගවත් කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැවසීය.
ඉන්ධන ගැටලුව මතු වූ විට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුලින් දේශීය වෙළෙඳපොළෙන් 50% සිට 55% දක්වා ප්‍රමාණයක් හිමිකරගෙන සිටිය ද, එතැන් සිට එහි කොටස 77% සිට 80% දක්වා ඉහළ ගොස් ඇති බව ද අමාත්‍යවරයා පැවසුවේය.














