විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට හෝ රජයට දේශපාලන තීරණ ගත නොහැකි බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
“විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සැපයීමට පොලිසිය පියවර ගත යුතුයි. අපට බරපතල ආරක්ෂක තර්ජනයක් තිබෙනවා,” ඔහු පැවසීය.
ඔහු අවධාරණය කළේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව පොලිස්පතිවරයා විසින් සැපයිය යුතු බවයි.
“පොලිස්පතිවරයා ස්වාධීන නිලධාරියෙක්. ඔහු පත් කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි. එය දේශපාලන පත්වීමක් නොවේ,” ඔහු පැවසීය.
රජයේ මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් තම මැතිවරණ කොට්ඨාශවලට යන විට අදාළ පොලිස් ස්ථාන මගින් ආරක්ෂාව සපයන බව පැවසූ සජබ මහ ලේකම්වරයා විපක්ෂ මන්ත්‍රීවරුන්ට එවැනි ආරක්ෂාවක් ලබා නොදෙන බවත් පෙන්වා දුන්නේය.














