අද (07) අළුයම තිරප්පනේ පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ ගල්කුලම ප්රදේශයේදී නිකවැරටිය සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් එම බස් රථයේ ගමන් කළ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.
බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර තිරප්පනේ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














