නව තානාපතිවරු පස් දෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
ඒ අනුව,
1. කොරියානු ජනරජයේ නව තානාපති ලෙස Kim Youn-Jung මෙනෙවිය
2. ස්විට්සර්ලන්තයේ නව තානාපති ලෙස Daniel Hunn මහතා
3. යුරෝපා සංගමයේ නව තානාපති ලෙස Sylvia Hartleif මෙනෙවිය
4. ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපති ලෙස Ahmed El-Sayed Abdel Halim Amer Helal මහතා
5. ලාඕ මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නව තානාපති ලෙස Vithaya Xayavong මෙනෙවිය
6. නැමීබියා ජනරජයේ නව මහකොමසාරිස් ලෙස Wing Commander (Rtd) Alex L.Tukuhupweleමහතා
7. සිංගප්පූරු ජනරජයේ නව මහකොමසාරිස් ලෙස Patrick Daniel මහතා
මෙසේ අද දින ජනපතිවරයා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.














