ශ්‍රී ලංකා තරුණ නීතී ප්‍රජාවේ දායකත්වයෙන් පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ සංවිධානය කළ පරිසර නීතිය පිළිබඳව බස්නාහිර පළාතේ පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුවත් කෙරුනු හමුවක් ඊයේ (14) කොළඹ 02, ජේමිස් පීරිස් මාවතේ පිහිටි IDM Nations Campus International ආයතන ශ්‍රවනාගාරයේදී පැවැත් වුණේය.
පාරිසරික නීතිය සම්බන්ධයෙන් නීතිමය රාමුව සහ නීතිමය ප්‍රතිපාදන, නීතිය බලාත්මක කිරීමේ අභියෝග, පොලිස් නිලධරයන්ට හිමි බලතල සහ රාජකාරි සහ වගකීම්, විමර්ශන ලිපිගොනු සැකසීම, සාක්ෂි රැස් කිරීම, සැකකරුවන්ගේ අයිතිවාසිකම් සහ පාරිසරික අභියෝග පිළිබඳව කරුණු දේශන මගින් සවිස්තරව පැහැදිලි කිරීමට මෙහිදී ශ්‍රී ලංකා තරුණ නීතී ප්‍රජාව කටයුතු කරන ලදී.














