නානුඔය – තලවකැලේ මාර්ගයේ ඩෙස්ෆර්ඩ් ප්‍රදේශයේදී අද (14) පෙරවරු 11.00ට පමණ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලැබූ බව නානුඔය පොලිසිය පවසයි.
නුවරඑළිය සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් සහ බොරලන්ද ප්‍රදේශයේ සිට ආගරපතන ප්‍රදේශයේ විවාහ මංගල්‍යයකට සහභාගී වීමට යමින් සිටි පිරිසක් ප්‍රවාහනය කළ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. තුවාලකරුවන් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය පැවසුවේය.
බස් රථ රියදුරන් දෙදෙනාගේම නොසැලකිලිමත් රිය ධාවනය අනතුරට හේතු වන්නට ඇතැයි පොලිසිය සැක කරයි.














