ශ්රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී අල්ලස් ලබා ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා අද (28) කොළඹ ත්රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කළේය.
නඩුව විභාගයට ගත් ස්ථිර ත්රීපුද්ගල විනිසුරු මඬුල්ල සැකකාර නාමල් රාජපක්ෂ මහතා නොවැම්බර් මස 19 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළේය.















