AIRBUS ගනුදෙනුව: නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා – යළි රිමාන්ඩ් කිරීමටත් නියෝග

ශ්‍රීලංකන් ගුවන් සමාගමට එයාර්බස් මිලදී ගැනීමේ දී සිදු වූ බව කියන අල්ලස් ගැනීමක් සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අධිචෝදනා ගොනු කර ඇතැයි අල්ලස් කොමිසම අද (27) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් ගොනු කර ඇති බව ද අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ලේ කරුණු ඉදිරිපත් කළ පසු නාමල් රාජපක්ෂ මහතා මේ මස 28 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

සැකකාර නාමල් රාජපක්ෂ මහතා කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණයට ඉදිරිපත් කරන තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳ වාර්තාව මේ මස 30 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website