මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ හැළබණ්ඩාරගම ප්රදේශයේදී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැණ විදුලි කණුවක ගැටීමෙන් අද (28) දින පෙරවරුවේ නව යොවුන් වියේ දරුවන් දෙදෙනෙකු මිය ගිය බව මාදම්පේ පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ දුම්මලසූරිය, වීරකොඩියාන ප්රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 11 සහ 17 වූ පිරිමි දරුවන් දෙදෙනෙකි. අනතුරින් තුවාල ලැබූ මව හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














