වන අලියෙකු පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඊයේ (27) දින අලුයම සේරුනුවර පොලිස් වසමේ සිරිදූව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වන අලියෙකු පහර දීමෙන් මියගොස් ඇති බවට සේරුනුවර පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු‍ 47 ක් වූ සේරුනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු නිවස ඉදිරිපිට සිටියදී මෙලෙස වන අලියෙකු පහර දීමෙන් මියගොස් ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සේරුනුවර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website