ආසියානු කුසලාන කාන්තා T20 ක්‍රිකට් කිරුළ ශ්‍රී ලංකාවට ද – ඉන්දියාවට ද ? : අවසන් තීන්දුව හෙට

ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලාන කාන්තා විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය  හෙට (13 දා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ඇත.

මන්දගාමී තණතීරුවක් ලෙසින් සැලකෙන මෙම අවසන් සටනේ ශූරතාව දඟ පන්දු යවන්නන්ගේ දස්කම් මත බොහෝ දුරට තීරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඩුබායි තණතිල්ලේ පළමුව පන්දුවට පහරදීමේ වාසිය ද නොසලකා හැරිය නොහැකිය. මෙවර තරගාවලියේ තරඟ 14කින් නවයක්ම ජයගෙන ඇත්තේ පළමුව පන්දුවට පහරදුන් කණ්ඩායම්ය. එමෙන්ම තරගාවලියේ ලකුණු 150 සීමාව ඉක්මවා ඇති ඉනිම් දෙකම ඉන්දියාව විසින් වාර්තා කර තිබීම ද ඔවුන්ගේ පිතිකරණ ශක්තිය පෙන්වන තවත් සාධකයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website