දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් කාණ්ඩ 4ක් යටතේ නව තීරු බදු ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පැවසුවේය.
එම කාණ්ඩ 4 යටතේ 0%, 10%, 20,% සහ 30% යටතේ නව තීරු බදු හඳුන්වා දීමටත් අමුද්‍රව්‍ය සඳහා සහ නිෂ්පාදන සඳහා යොදා ගන්නා භාණ්ඩවලට 0% අනුපාතය යොදා ගැනීම මෙන්ම නිමි භාණ්ඩ වශයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සහ තෝරා ගත් භාණ්වලට 30% උපරිමයකට යටත්ව නව තීරු බදු පැනවීමට කටයුතු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
දේශීය කර්මාන්තකරුවන් ආරක්ෂා කිරීමේ අරමුණින් ආනයනික භාණ්ඩ මත සෙස් බදු පැනවුවත් දේශීය කර්මාන්ත බොහොමයක් ආනයනික අමුද්‍රව්‍ය මත රඳා පවතින බවත් පැවසූ මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා එම නිෂ්පාදනයන්ගේ ද පිරිවැය ඒ හා සමානව ඉහළ මට්ටමක පවතින බැවින් අදියර වශයෙන් සෙස් බදු ඉවත් කිරීමට කටයුතු කරන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.












