රජයේ ඉලක්ක අභිබවා ආදායම් රැස් කිරීමට දායක වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත විශේෂ ඇගයීමක්

බදු රැස් කිරීමේ කටයුතු මේ වන විට කාර්යක්ෂමව සිදු වන නමුත් බදු අනුකූලතාව සහ බදු පදනම ඉහළ නංවා ගැනීමට නව ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීමේ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වගකීමක් බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පැවසුවේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක දේශීය ආදායම් සේවා සංගමයේ 24 වන වාර්ෂික මහා සභාව ඊයේ (10) ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත් වුණ අතර මෙහි දී රජයේ ඉලක්ක අභිබවා ආදායම් රැස් කිරීමට දායක වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත විශේෂ ඇගයීමක් ද සිදුකරන ලදී.

මෙම අවස්ථාව සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සහ දේශීය ආදායම් සේවා සංගමයේ නිලධාරී මඩුල්ල ඇතුළු සාමාජික නිලධාරීන් රැසක් සහභාගී වූහ.

උත්සව සභාව අමතමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පළමුවෙන්ම දේශීය ආදායම් සේවා සංගමයේ 24 වන සමුළුවට සුභ පැතුම් එක කළ අතර රජයේ ඉලක්ක අභිබවා ආදායම් රැස් කිරීමට දායක වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත විශේෂ ඇගයීමක් ද සිදුකරන ලදී. විශේෂයෙන්ම 2025 වසරේදී මෑත ඉතිහාසයේ අවම අයවැය හිඟය වාර්තා කිරීමට හැකියාව ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ ද ආදායම් ඉලක්ක අභිබවා ආදායම් රැස් කිරීමට සමත් වීම බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දිගු කලක පටන් මුහුණ දුන් වෘත්තීය ගැටලු රැසක් සඳහා විසඳුම් මීළඟ අයවැය හරහා ලබා දීමට මේ වන විට අවධානය යොමු කරමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ

බදු රැස් කිරීමේ කටයුතු මේ වනවිට කාර්යක්ෂමව සිදුවන නමුත් බදු අනුකූලතාව සහ බදු පදනම ඉහළ නංවා ගැනීමට නව ක්‍රමවේදයන් අනුගමනය කරමින් කටයුතු කිරීමේ වගකීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වගකීමක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website