2015 වසරේදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයකට වරදකරු වූ විත්තිකරුවෙකුට බලපිටිය මහාධිකරණ ඊයේ (10) මරණීය දණ්ඩනය නියම කළේය.
මරණීය දණ්ඩනය නියම වූයේ මහනුවර ප්‍රදේශයේ පදිංචි වින්තුව රාජ් චන්ද්‍ර මෝගන් නමැති පුද්ගලයෙකුටය.
චූදිතයා විසින් 2015 අප්‍රේල් මස 14 වන දින පිටිගල පොලිස් වසමේ මිරිස්වත්ත ප්‍රදේශයේදී මාණික්‍ය මෝගන් යන අයට පොල්ලකින් පහරදී බරපතළ තුවාල සිදුකර මෙම ඝාතනය සිදු කර තිබිණි.














