එල් නිනෝ නිසා පවුල් 25,037ක පුද්ගලයින් 78,368කගේ ජීවනෝපාය අහිමි වෙලා – පරිසර ඇමැති ධම්මික පටබැඳි

දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට බලපා තිබෙන වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 25,037කට අයත් පුද්ගලයින් 78,368දෙනෙකුගේ ජීවනෝපායන් අහිමි වී ඇති බවත් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා පැවසීය.

පරිසර අමාත්‍යවරයාට අනුව මොනරාගල, බදුල්ල, රත්නපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක පීඩාවට පත් වූ දිස්ත්‍රික්ක වන අතර, කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, ස්වයං රැකියා, ව්‍යාපාර සහ පශු සම්පත් ඇතුළු අනෙකුත් ක්‍රියාකාරකම්වල නියැලී සිටින පුද්ගලයින් අතර ජීවනෝපාය අහිමිවීම් වාර්තා වී ඇත.

පවතින තත්ත්වයන් හේතුවෙන් ඇති වූ ජීවනෝපාය අහිමිවීම් කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත්, අදාළ රාජ්‍ය ආයතනවල මැදිහත්වීම හරහා බලපෑමට ලක් වූ ප්‍රජාවන්ට සහන සැලසීමට පියවර ගැනීම ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේය.

කෘෂිකර්මාන්තය ජීවනෝපය කරගත් පවුල් 12,304ක පුද්ගලයින් 36,875 ක්, වතුකරයේ පවුල් 2,333කට අයත් පුද්ගලයින් 7,889ක්,  ධීවර අංශයේ පවුල් 2,107ක පුද්ගලයින් 7,491ක් ස්වයං රැකියා අංශයේ පවුල් 1,769ක් සහ පශු සම්පත් අංශයෙන් පවුල් 2,966කට අයත් පුද්ගලයින් 9,408ක් සහ ව්‍යාපාරික අංශයේ පවුල් 108කට අයත් පුද්ගලයින් 390ක් පීඩාවට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search this website