සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස්ඇප් සහ ෆේස්බුක් සමූහයන් පවත්වාගෙන ගිය තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අන්තර්ජාල ආවේක්ෂණ හා විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර 18 වැනි වියේ පසුවන බව පොලිසිය පැවසුවේය.
සමාජ විරෝධී ලිංගික ක්‍රියාකාරම් ප්‍රවර්ධනය කරන සමාජ මාධ්‍ය ජාල සමූහ රැසක් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, අන්තර්ජාල ආවේක්ෂණ හා විමර්ශන ඒකකයට තොරතුරු ලැබී තිබූ අතර ඒ අනුව සිදුකළ සොයා බැලීමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.














